Friday, March 19, 2010


කැළයත් එක්ක්ක ලග සම්බන්දකම් තිබුනු කෙනෙක්,ආයමත් කැළේ තනිඋනොත්...
එක මොහොතකට හරි. හුග කලෙකට පස්සෙ?
දෙකක් නෑ. සැනින් දුවනව එයා අතීතයට.කැළේදි මුණගැහුනු කුරුල්ලො,සමනළයො තව අනිත් නානාප්රකාර සත්තු ,දඩයක්කරයො කියාදුන්නු කයිකතන්දර,මේ හැම දෙයක්ම හරියට සිනමාපටයක පලවෙනි විනඩි තුන වගේ .

මට "මැද මූකලාන" මතක් උනා. එතකොට මට යන්තම් අවුරුදු දොළහක් විතර වෙන්න ඇති මයෙ හිතේ.මම දඩයක්කරයා එක්ක පලවෙනි වතාවට කතාකළේ එදා.No 12 පතුරම් දාපු කැප් තුවක්කුව කරේ තියාගෙන කන්ද පහලට බහැගෙන බහැගෙන එන උජාරුව දැක්කකහම මමත් හිතුව කවදහරි එයා වගේ දඩයක්කරයෙක් වෙන්න. ඒ එක්කම මම හිතුවෙ එයාට වැඩිය දක්ෂ දඩයක්කාරයෙක් වෙන්න.මම හිතන්නෙ එයාටත් එක ඉවෙන් වගේ දැනුන. උපහාසෙ ආරූඩ වුනු හීන් හිනාවක් එයගෙ මූනෙ තිබුනා. තැනිතලා නිම්නයෙදි එයා මාව පහුකරගෙන යන කොට මට හිතුන මොකක් හරි වදගත් දෙයක් එයා එක්ක කත කරන්න තිබුනනම් හොදයි කියල.මම ප්රමද වැඩ්යි.හුගක්....

ඊළග මොහොතෙ මම කෑ ගහල එයගෙන් ඇහුව

"කැලේ දි එළි පහලියට යන්න වතුර නැති උනොත් මොකද කන්නෙ?"

කියල.මිනිහ සැහල්ලුවෙන් වගෙ

"වේලිච්ච ලී කෑල්ලක් අහුල ගනින්! "

කියාගෙන යන්න ගියා.
...........................................................................................................................
ලගදි දවසක් මගේ ලග මිත්රයෙක් ඔය ප්රශ්නෙම මගෙන් අහුව.මම එයට කෙලින්ම දඩයක්කරය මට දුන්නු උත්තරේම දුන්න.මිනිහ බක බක ගාල හිනවෙලා කැන්ද කොල 2 ක් කඩගෙන කැළේට ගියා.
කෑන්ද කොලෙයි වේලිච්ච ලී කෑල්ලයි අතර තියන වෙනස දඩයක්කාරය නිසා එදා මම දැන ගත්ත.ඒ ඊට කලින් මම කැන්ද කොල පාවිච්චි කරල හත් අට වතාවක්ම වැඩ වරද්දගෙන තිබුනු නිසා.ඒත් මගෙ මිත්රය?

No comments:

Post a Comment